ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

இப்பகமுவ உள்ளூர் சபை

Ibbagamuwa Local Authority

ගලි බවුසර් සේවාව

Gully Bowser Service

  • ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ
  • ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
  • සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :
    • සභා බලප්‍රදේශය තුල පරීක්ෂණ ගාස්තු - රු. 500
    • සභා බලප්‍රදේශයෙන් පිටත පරීක්ෂණ ගාස්තු - රු. 1250
    • ගලි බවුසර් ධාරිතාව ලීටර් 3500 කිඑක් බවුසරයක් සඳහා - රු. 6000.00
    • සභා බලප්‍රදේශය තුල හෝ පිටතට යාමට හා ඒමට - සෑම කි.මි.1 ට රු. 60 බැගින් අය කෙරේ
  • අවශ්‍ය ලියකියවිලි - ඉල්ලීම් ලිපිය
  • සේවාව භාර නිලධාරි - ඝණ අපද්‍රව්‍ය භාර නිලධාරි

ගලි බවුසරය වෙන්කරගැනීමේ පියවර :

  • ගලි බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Gully Bowser යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට "අයඳුම් කරන්න" click කරන්න.
  • පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
  • ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති Paymentclick කරන්න.
  • පෙන්වනු ලබන Pending Payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
  • අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
  • ගෙවීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ගලි බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.

Please Login to Apply