ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව

இப்பகமுவ உள்ளூர் சபை

Ibbagamuwa Local Authority

වරිපනම්බදු ගෙවීම 

Assessment tax Online Payment

ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට මාර්ගගතව වරිපනම් බදු ගෙවීමේ පහසුකම ලබාදී ඇත. මාර්ගගත ගෙවීම් සිදුකිරීමේදී පුරවැසියකුට අයත් දේපල නිවැරදිව හඳුනාගත යුතු අතර එම පුද්ගලයාගේ ජා.හැ.අංකය සමග සම්බන්ද කල යුතුයි. මෙම ක්‍රියාව සිදුකල යුත්තේ පළාත් පාලන ආයතනය විසිනි. ඔබ විසින් මෙම පහසුකම ලබාගැනීම සඳහා පළමුව ඔබට පරිශීලක ගිණුමක් (User Account) සකස් කළ යුතුයි. ඔබට මේ වනවිට පරිශීලක ගිණුමක් තිබේනම් එම ගිණුම භාවිත කළ හැකිය. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)

වරිපනම් බදු මාර්ගගත ගෙවීම් සිදුකල යුතු පියවර :

  1. ඔබගේ පරිශීලක නාමය හා රහස්පදය ලබාදී ගිණුමට ඇතුල් වන්න.
  2. ඔබගේ වරිපනම් දේපළ නිවැරදිව ඔබ ගේ ගෙවීම් ගිණුම සමග සම්බන්ද කල යුතුයි. ඒ සඳහා ඔබගේ දේපල පිළිබඳ විස්තර පළාත් පාලන ආයතනයට ලබාදිම අවශ්‍ය වේ.
  3. මේ සඳහා Map My Property සඳහන් ලේබලය මත මවුසය ක්ලික් කරන්න.
  4. පසුව පෙන්වනු ලබන අතුරු මුහුණතෙහි පහත සදහන් විස්තර ඇතුලත් කරන්න.
    • Owner Name : Name of you assessment registration (වරිපනම් ලේඛණයේ ඇති ආකාරයට අයිතිකරුගේ නම)
    • Assessment ID : K form Number (කේ පෝරම ලේඛණයේ ඇති අංකය)
    • Street Name : (දේපල ඇති වීදියේ නම )
    • Last Paid Recipt Number (අවසාන ගෙවීම සිදුකල රිසිට්පතෙහි අංකය ඇත්නම් එය සඳහන් කරන්න)
    • Description(වෙනත් විස්තර ඇත්නම් ඇතුලත් කරන්න.
  5. Click On Submit button (Submit ලෙස සඳහන් ඇති button එක මත මවුසය ක්ලික් කරන්න).
  6. ඔබගේ දේපල පළාත් පාලන ආයතනය මගින් අනුමත කරන තුරු ඔබට ගෙවීම් කිරීමට නොහැකි අතර පැය 48 ක කාලයක් තුලදී අනුමත කිරීම සිදුවේ.

My Property 

Category 

Owner

Status

Assessment 

M.M.Aththanayaka

Pending 

Assessment 

G.Y.SugathBandara

Rejected 

Assessment 

A.N.AnushaRathnayaka

Pay


ඔබ ඔබගේ පරිශීලක ගිණුමට ඇතුලත් වු පසු My Property යටතේ ඉහත සඳහන් ආකාරයට වගුවක් පෙන්වනු ලබයි. මෙහිදී පහත සඳහන් තොරතුරු ඔබට දැක ගත හැක.

  • Category - ගෙවීම් කරනු ලබන විෂය (උදා .වරිපනම් )
  • Owner - අයිතිකරුගේ නම
  • Status - මෙමගින් පෙන්නුම් කරනු ලබන්නේ ඔබ විසින් අයඳුම් කරන ලද ක්‍රියාවලියෙහි තත්වයයි.
  • Pending - ඔබ විසින් අයඳුම්කර ඇත මේවන විට පළාත් පාලන ආයතනය විසින් දේපළ හා ඔබගේ බවට තහවුරු කිරීම සඳහා යොමුකර තිබේ.
  • Rejected - ඔබ විසින් අයඳුම් කරන ලද දේපල කුමන හෝ හේතුවක් නිසා තහවුරු කිරීමට නොහැකි වී ඇත.ඒ සඳහා ඔබට විමසීම් කල හැකිය.
  • Pay - දේපළ සඳහා ගෙවීම් කිරීමට අනුමැතිය ලැබී ඇති අතර Pay Now Click කිරීමෙන් ගෙවීම් කිරීමේ හැකියාව පවතී.
Pay Now Click කිරීමෙන් පසු පහත දැක්වෙන අතුරු මුහුණත ඔබට දැකගත හැකියි.

Pay Now Button එක Click කිරීමෙන් පසු ඔබගේ බැංකු තොරතුරු ඇතුලත් කිරීම සඳහා අතුරු මුහුණතක් පෙන්වයි. එහිදී ගෙවීම් කාඩ්පතට අදාල තොරතුරු ඇතුලත් කරන්න. පසුව Next Button Click කරන්න. ඔබගේ ගෙවීම සාර්ථක හෝ අසාර්ථක වු බව ඔබට දැනගැනීමට හැකියාව ලැබේ.

ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබගේ විද්‍යුත් තැපැල මගින් ගෙවීම් විස්තරයක් ලදුපතක් ලබාගැනීමේ හැකියාව පවතී.